නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (CKD) සුව නොවේ. නමුත් රෝග ලක්ෂණ අඩු කිරීමට සහ ඒවා නරක අතට හැරීම වැලැක්වී සඳහා ප්‍රතිකාර උපකාරී වේ. ඔබගේ ප්‍රතිකාර නිදන්ගත වකුගඩු රෝගයේ අදියර මත රඳා පවතී. ප්‍රධාන ප්‍රතිකාර වන්නේ,:

  • ජීවන රටාවේ වෙනස්කම් - ඔබ හැකි පමණ නිරෝගීව සිටීමට වග බලා ගන්න
  • ඖෂධ - කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය වැනි ආශ්‍රිත රෝග හැකි පරිදි පාලනය කර ගන්න
  • කාන්දු පෙරණය (ඩයලසිස්) - සමහර වකුගඩු ක්‍රියාකාරකම් නැවත සකස් කිරීම සඳහා ප්‍රතිකාර - මෙය බරපතල වකුගඩු රෝගය (අදියර 5) සඳහා අවශ්‍ය විය හැක
  • වකුගඩු බද්ධ කිරීම - මෙය බරපතල මට්ටමේ වකුගඩු රෝගය (අදියර 5) සඳහා අවශ්‍ය විය හැකිය

ජීවන රටාවේ වෙනස්කම්

වකුගඩු රෝග ඇති අය සඳහා සාමාන්‍යයෙන් පහත දැක්වෙන ජීවන රටාව නිර්දේශ කෙරේ:

  • ඔබ දුම් පානය කරනවා නම් එය නවත්වන්න
  • සෞඛ්‍යසම්පන්න, සමබල අහාර වේලක් ලබා ගන්න
  • ඔබගේ ලුණු පරිභෝජනය දිනකට ග්රෑම් 6 (0.2oz) කට වඩා අඩු කරන්න
  • නිතිපතා ව්‍යායාම් කරන්න.-සතියකට අවම වශයෙන් විනාඩි 150 ඉලක්ක කර ගන්න
  • මධ්‍යස්ථ ප්‍රමාණයට මතපැන් පානය කරන්න.- එය සතියකට ඒකක 14 වන නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතුය
  • ඔබගේ බර වැඩි හෝ තරබාරු නම්, බර අඩු කර ගන්න
  • වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව ලබා ගන්නා අයිබියුප්රොෆෙන් (Ibuprofen) වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රධාහ ඖෂධ (NSAIDs) ඖෂධ මඟ හරින්න. - ඔබට වකුගඩු රෝගය ඇත්නම් මෙම ඖෂධ මගින් ඔබගේ වකුගඩු වලට හානි පැමිණවිය හැක

ඖෂධ

නිදන්ගත වකුගඩු රෝගය සඳහා විශේෂිත ඖෂධයක් නොමැත. නමුත් එම රෝගයේ ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි තත්ත්වයන් සහ සංකූලතා ඇතිවන ගැටලු බොහොමයක් පාලනය කිරීම සඳහා ඖෂධ උපකාරී වේ. නිදන්ගත වකුගඩු රෝගය මගින් ඇතිවන විවිධ ගැටළු වලට ප්රතිකාර කිරීම හෝ වළක්වා ගැනීම සඳහා ඔබ ඖෂධ ලබා ගත යුතුය. අධි රුධිර පීඩනය රුධිර පීඩනය හොඳින් පාලනය කිරීම, වකුගඩු ආරක්ෂා කිරීම සඳහා වැදගත් වේ. වකුගඩු රෝගය ඇති අය සාමාන්‍යයෙන් 140 / 90mmHg ට වඩා අඩු මට්ටමකට ගෙන ඒම ඉලක්ක කරගත යුතුය. නමුත් ඔබට දියවැඩියාවත් ඇති නම් එය 130 / 80mmHg ට වඩා අඩු කිරීමට ඔබ ඉලක්ක ගත යුතුය. රුධිර පීඩන ඖෂධ වර්ග බොහොමයක් තිබේ. නමුත් ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ ලෙස හැඳින්වෙන ඖෂධ බොහෝ විට භාවිතා වේ. උදාහරණ ලෙස රැමිප්‍රිල් (Ramipril), එනලප්‍රිල් (Enalapril) සහ ලිසිනොප්‍රිල් ( Lisinopril) ඇතුළත් වේ. ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ ඖෂධයෙන් ඇතිවිය හැකි අතුරු අබාධ වලට පහත සඳහන් දේ ඇතුලත් වේ:

ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ අතුරු ආබාධ විශේෂයෙන් කරදරකාරී නම්, ඒ වෙනුවට, ඔබට ARB නැමති ඖෂධය ඔබට ලබාදෙනු ඇත. අධික කොලෙස්ටරෝල් නිදන්ගත වකුගඩු රෝගය වැළඳී ඇති අයට, හර්ද්‍යාබාධ හෝ ආඝාතය ඇතුළු හර්දරෝග ඇතිවීමේ වැඩි අවධානමක් ඇත. එසේ වන්නේ අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් වැනි හේතු වකුගඩු රෝගයට මෙන්ම හර්ද රෝග වලටද හේතු වන නිසාය. හර්දයාබාධ වර්ධනය වීමේ අවදානම අඩු කිරීම සඳහා ස්ටැටින් (statin) නම් ඖෂධය ඔබට නිර්දේශ කරනු ලැබේ. උදාහරණ: ඇටෝවස්ටටින් (Atorvastatin), ෆ්ලුවස්ටටින් (Fluvastatin) සහ සිම්වාස්ටටින් (Simvastatin). ස්ටැටින් ඖෂධ වලින් ඇතිවිය හැකි අතුරු අබාධ වලට පහත සඳහන් දේවල් ඇතුලත් වේ:

  • හිසරදය
  • ඔක්කාරය
  • මල බද්ධය හෝ පාචනය
  • මාංශ පේශි හා සන්ධි වල වේදනාව

ජලය රැඳවීම - ඔබට වකුගඩු රෝගය ඇති නම් ඔබේ වළලුකර, පාද සහ අත් ඉදිමීම් ඇතිවිය හැක. ඔබේ වකුගඩු ඔබේ රුධිරයෙන් තරල ඉවත් කිරීමට තරම් ශක්තිමත් නොවන නිසා ශරීරයේ පටක තුළට ඒවා එකතු වීම හේතු වේ (එඩිමා) (Oedema). සුප් සහ යෝගට් වැනි ආහාර වල ඇති දියර වර්ග ඇතුළුව ඔබ දිනකට පරිභෝජනය කරන දියර වර්ග සහ ලුණු ප්‍රමාණය අඩු කරන ලෙසට ඔබට උපදෙස් ලැබෙනු ඇත. ඇතැම් අවස්ථාවලදී ෆුරෝසමයිඩ් (Furosemide) වැනි මුත්‍රා පිට කිරීම වැඩි කරවන ඖෂධ (Diuretics) ද ඔබට දෙනු ලැබේ. මුත්‍රා පිට කිරීම වැඩි කරවන ඖෂධ වල අතුරු ආබාධවලට විජලනය, රුධිරයේ ඇති සෝඩියම් සහ පොටෑසියම් ප්‍රමාණය අඩු වීම යනාදිය ඇතුලත් වේ. රක්ත හීනතාවය (Anaemia) - පසුකාලීන වකුගඩු රෝගය සහිත බොහෝ දෙනෙකුට රක්ත හීනතාවය වර්ධනය වේ, එය රතු රුධිරාණු හිඟවීමයි. රක්ත හීනතාවය රෝග ලක්ෂණ වලට පහත දේ ඇතුලත් කල හැකිය:

රක්ත හීනතාවය ඇත්නම්, ඔබට EPO ලෙස හඳුන්වන ඖෂධ එන්නත් ලබා දිය හැක. මෙය හොර්මෝනයක් වන අතර ඔබගේ ශරීරයේ රතු රුධිර සෛල වැඩි ප්‍රමාණයක් නිපදවීමට උදව් වේ. ඔබට යකඩ ඌනතාවයක් ද ඇත්නම්, යකඩ අතිරේක ද නිර්දේශ කළ හැකිය. අස්ථි ගැටළු ඔබේ වකුගඩු දරුණු ලෙස හානි වී ඇත්නම්, ඔබේ සිරුරේ පොස්ෆේට් එකතුවක් දැකිය හැකි වේ. එසේ වන්නේ ඔබගේ වකුගඩුවලට ඒවා ඉවත් කිරීමට නොහැකි වන නිසාය. සෞඛ්‍ය සම්පන්න අස්ථි පද්ධතියක් පවත්වා ගෙන යාම සඳහා කැල්සියම් සමඟ පොස්ෆේට් ද වැදගත් වේ. නමුත් ඔබේ පොස්පේට් මට්ටම බොහෝ වැඩි වනවා නම්, එය ඔබේ ශරීරයේ කැල්සියම් සමබරතාවය අවුල් කිරීමට සහ ඇටකටු සිහින් වීමට හේතු විය හැක. රතු මස්, කිරි නිෂ්පාදන, බිත්තර සහ මාළු වැනි ඔබේ ආහාර වේලෙහි අධික පොස්පේට් ආහාර ප්‍රමාණය සීමා කිරීම සඳහා ඔබට උපදෙස් දෙනු ලැබේ. මෙය ඔබගේ පොස්පේට් මට්ටම අඩු කිරීමට ප්‍රමාණවත් නොවේ නම්, ඔබට ෆොස්ෆේට් එකතුවක් ලෙස හඳුන්වන ඖෂධ ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් භාවිතා කරන ඖෂධ කැල්සියම් ඇසිටේට් (Calcium acetate) සහ කැල්සියම් කාර්බනේට් (Calcium carbonate) අඩංගු වේ. වකුගඩු රෝගය ඇති සමහර අයට විටමින් ඩී පහළ මට්ටමේ පවතී. මේවාද, සෞඛ්ය සම්පන්න ඇටකටු සඳහා අවශ්‍ය වේ. ඔබගේ විටමින් ඩී ප්‍රමාණය අඩු මට්ටමක පවතී නම් විටමින් ඩී මට්ටම වැඩි කිරීම සඳහා ඔබට කොලෙකැල්සිෆෙරෝල් (Colecalciferol) හෝ එගෝකැල්සිෆෙරෝල් (Egocalciferol) නමින් හඳුන්වන අතිරේකය දෙනු ලැබේ. ග්ලොමෙරුලෝනේෆ්රයිටිස් (Glomerulonephritis)-වකුගඩු රෝගය ඇති වීම සඳහා වකුගඩු වල ඇතුලින් ඇති පෙරහන් වල ප්‍රධාහ ඇති වීමද හේතු විය හැක. එය ග්ලොමෙරුලෝනේෆ්රයිටිස් (Glomerulonephritis) ලෙස නම් කෙරේ. සමහර අවස්ථාවලදී ප්‍රත්ෂක්තිකරන පද්ධතිය වැරදීමකින් වකුගඩු වලට ප්‍රහාර එල්ල කල විට මෙය සිදු වේ. වකුගඩු පටක නිදර්ශක මගින් ඔබගේ වකුගඩු රෝගයට හේතුව මෙය බව හඳුනා ගතහොත් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු කිරීමට ස්ටෙරොයිඩ් (Steroid) ඖෂධ හෝ සයිකොෆොස්ෆාමයිඩ් (cyclophosphamide) වැනි ඖෂධය නිර්දේශ කරනු ලැබේ.

කාන්දුපෙරණය

වකුගඩු රෝගයට ගොදුරු වූවන්ගෙන් සුළු පිරිසකගේ තත්වය, අවසානයේ දී වකුගඩු ක්‍රියාකාරිත්වය නතර වනු ඇත. මෙය කලාතුරකින්, හදිසියේ සිදු වන නිසා, ඔබේ ප්‍රතිකාරයේ ඊළඟ අදියර සැලසුම් කිරීමට කාලය තිබිය යුතුය. නිදන්ගත වකුගඩු රෝගයේ මේ අදියරට පැමිණි විට සිදු කල හැකි එක විකල්පයක් ලෙස කාන්දුපෙරණය හැඳින් වේ. මෙය රුධිරයෙන්, නිෂ්පාදිත අපද්‍රව්‍ය සහ අතිරික්ත තරලය ඉවත් කිරීම සඳහා වන ක්‍රියා පටිපාටියකි. ප්‍රධාන වශයෙන් කාන්දුපෙරණය වර්ග දෙකක් ඇත:

  • හීමෝඩයලසිස් (Hemodialysis) - මෙමගින් බාහිර යන්ත්‍රයකට රුධිරය හරවා යැවීම සහ එය ශරීරයට නැවත පැමිණීමට පෙර පෙරීම
  • පෙරිටෝනියෙල් ඩයලසිස් (Peritoneal dialysis) – ඔබගේ උදරය ඇතුලත ඇති රුධිර නාල රේඛාවක් ඔස්සේ යවා රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඇද ගැනීම සඳහා උදරය ඇතුලත ඇති අවකාශයට කාන්දුපෙරණ තරලය පොම්ප කිරීම

සාමාන්‍යයෙන් නිවසේදී හෝ රෝහලේදී, මෙම හීමෝඩයලසිස් සතියකට තුන් පාරක් පමණ සිදු කරනු ලැබේ. පෙරිටෝනියෙල් ඩයලසිස් සාමාන්‍යයෙන් නිවසේදී දිනකට කීප වරක් හෝ රාත්‍රියේදී සිදු කරනු ලැබේ. ඔබට වකුගඩු බද්ධ කිරීමක් නොමැති නම්, කාන්දුපෙරණය ප්‍රතිකාරය සාමාන්‍යයෙන් ජීවිතය පුරාවටම කල යුතු වේ. එක් එක් වර්ගයේ කාන්දුපෙරණවල ඇති වාසි හා අවාසි පිළිබඳව ඔබේ වෛද්යවරයා සමඟ කතා කරන්න. ඔබේ වකුගඩු ක්රියාකාරීත්වය බරපතල ලෙස අඩු වුවහොත් ඔබ කැමති කුමන ආකාරයේ කාන්දුපෙරණ වර්ගයක් දැයි සාකච්ඡා කරන්න.

වකුගඩු බද්ධ කිරීම

කාන්දුපෙරණ ප්‍රතිකාරයට විකල්පයක් ලෙස, බරපතල ලෙස වකුගඩු ක්‍රියාකාරිත්වය අඩු වූ අයට වකුගඩු බද්ධ කිරීම කල හැක. මෙය බොහෝ විට බරපතල මට්ටමේ වකුගඩු රෝගය සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාරය වේ. නමුත් එය ප්‍රධාන සැත්කම් සහ ඔබගේ ශරීරය, ඔබගේ ශරීරයට ආධාර දෙන ඉන්ද්‍රියයට පහර දීම නැවත්වීමට ඖෂධ වර්ග ගැනීම, ඔබ ඔබේ ඉදිරි ජීවිත කාලය තුලදීම කල යුතුය. ඔබට එක් වකුගඩුවකින් ජීවත් විය හැකි අතර, ඉන් අදහස් කරන්නේ, මෑතදී මියගිය හෝ ජීවමාන පරිත්‍යාගශීලීන්ගෙන් වකුගඩු ලබා ගත හැකිය. එහෙත් තවමත් පරිත්‍යාගශීලින්ගේ හිඟයක් පවතී, සමහර විට ඔබගේ බද්ධ කිරීම සඳහා මාස හෝ අවුරුදු ගණනක් බලා සිටිය යුතු විය හැක. ඔබ වකුගඩු බද්ධ කිරීම සඳහා බලා සිටින අතර තුර ඔබට කාන්දුපෙරණය සිදු කිරීම අවශ්‍ය විය හැක. වර්තමානයේ වකුගඩු බද්ධකිරීම සඳහා පැවැත්ම අනුපාතය ඉතා හොඳ අගයක් ගනී. බද්ධ කිරීම් වලින් 90%ක් අවුරුදු 5 කට පසු තාමත් ක්‍රියාකාරී වන අතර බොහොමයක් වසර 10ක් හෝ ඊටත් වඩා ප්‍රයෝජනවත් ලෙස ක්‍රියා කරයි.

උපකාරක ප්‍රතිකාර

ඔබට වකුගඩු අකරණිය ඇත්නම්, සහ ඔබ කාන්දුපෙරණය හෝ වකුගඩු බද්ධය යන දෙවර්ගයම නොකිරීමට තීරණය කලේ නම් හෝ, ඔබ ඒ දෙවර්ගයටම සුදුසු නොවේ නම්, ඔබට උපකාරක ප්‍රතිකාර දෙනු ලැබේ. මෙහි අරමුණ වන්නේ වකුගඩු අකරනියේ රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා ප්‍රතිකාර කිරීමයි. වකුගඩු අකරණිය ඇති පුද්ගලයා සහ එම පවුලට වෛද්‍ය, මානසික, ප්‍රයෝගික සත්කාර ඇතුළුව, ඔබට හැඟෙන ආකාරය සාකච්චා කිරීම සහ ඔබගේ අවසානය සඳහා සැලසුම් කිරීම මෙයට ඇතුලත් වේ. පහත සඳහන් හේතු නිසා බොහෝ දෙනෙක් උපකාරක ප්‍රතිකාර තෝරා ගනී:

  • ඔවුන්ට ප්‍රතිකාර ක්‍රම මගින් හොඳ තත්වයක ජීවිතයක් ලබා ගත නොහැකි නිසා
  • කාන්දුපෙරණය ප්‍රතිකාරය මඟින් ඇතිවන අපහසුතා විඳීමට අවශ්‍ය නොවීම නිසා
  • වෙනත් බරපතල ලෙඩ රෝග ඇති නිසා කාන්දුපෙරණය ප්‍රතිකාරය නොකරණ ලෙසට උපදෙස් ලැබීම සහ ප්‍රතිකාර වල රිනාත්මක අංශ, ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි විය හැකි නිසා
  • කාන්දුපෙරණය ප්‍රතිකාරය කරමින් සිටියද එය නතර කිරීමට තීරණය කර තිබීම නිසා
  • කාන්දුපෙරණය ප්‍රතිකාරය කරමින් සිටියද තවත් ජීවිතය කෙටි කිරීමේ බරපතල හර්ද රෝග හෝ ආඝාතය වැනි බරපතල රෝග තත්වයක් ඇති නිසා

උපකාරක ප්‍රතිකාර ලබා ගැනීම ඔබ තෝරා ගන්නේ නම්, ඔබේ වකුගඩු ඒකකය තවමත් ඔබ රැක බලා ගනී. උපකාරක සේවා, ඔබට හොඳ ජීවන තත්ත්වයක් සමඟ යම් කාලයක් ජීවත් වීමට ඔබට උපකාර විය හැකියි. වෛද්‍යවරුන් හා හෙදියන් ඔබට ලැබෙන බවට සහතික වනු ඇත:

  • ඔබට ඉතිරිව ඇති වකුගඩු ක්‍රියාකාරිත්වය හැකි පමණ ආරක්ෂා කිරීම සඳහා ඖෂධ
  • හුස්ම ගැනීමට ඇති අපහසුතාවය, රක්ත හීනතාවය අහාර අරුචිය හෝ සම කැසීම වැනි වකුගඩු අකරණිය රෝගයේ අනෙක් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ
  • ඔබගේ නිවසේ සහ මුදල් කටයුතු සැලසුම් කිරීම සඳහා උපකාරී වේ
  • ඔබේ පවුලේ අයගේ වියෝව සඳහා සහය වීම